
තල් අරඹක හද ගැස්ම, Thal Arabaka Hada Gasma
by Demo Author
ISBN 9789551435073
නිහඬව සිටීමට හිත හදා ගත නොහැකි වූ පූජකයෙකුගේ හෘද සාක්ෂිය නිසැකවම මේ පොත සිංහල බහුතර පාඨකයාව අපහසුතාවයට පත් කරනු ඇත. “මගේ අපරාධයයි’ කියා අවංකව සිතන්නට නොහැකි සියලු පාඨකයෝ කතුවරයාව ඇණ ගැසීමට හෝ කතුවරයාට ගල් ගැසීමට නිහඬව එකඟ වනු ඇත. දශක ගණනාවක් පුරා අප තුළ මුල් බැසගත්, වර්තමානය වන විට ජානමය ලෙස පවා සම්ප්‍රේෂණය වී ඇතැයි සිතිය හැකි ජාතිවාදි, ආගම්වාදි අධිපති මතවාදයන්ගේ අංශු මාත්‍රයක් අවිඥානිකව හෝ ශේෂව තිබෙන්නෙකුට මේ පොත පහසුවෙන් කියවිය නොහැකි වනු ඇත. අප මේ පෙරවදනින් උත්සහ කරන්නේ මේ පොත කියවීමට පාඨක ඔබට විවෘත මනසක් ඇති කර දීමටය. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ රචනාවක් නොවේ. ඒ පිළිබඳ සියලු පැතිකඩ විමසා බැලීමක් නොවේ. මෙය ජාතික ප්‍රශ්නයට විසදුමක් දීමට මෙරට පාලකයින් අසමත් වීම නිසා දෙමළ ජනයා ඉතා වැඩියෙනුත්, සිංහල හා මුස්ලිම් ජනයා ඊට අඩු වශයෙනුත් අත්විදි බේදයන් පිළිබඳ රචනාවක් ද නොවේ. මෙය දකුණේ උපත ලබා දකුණේ හැදුනු වැඩුනු ව්‍යවහාර ජාතියෙන් සිංහල වූද ආගමින් කිතුනුවූද පූජකතුමෙකු තම ඇදහිල්ල මත පිහිටා සහෝදර දෙමළ ජනතාවගේ අත්දැකීමට සංවේදිව විවෘත වීම තුළින් 2007 සිට 2017 දක්වා වූ කාලය තුළ අත්දුටු, ඇසූ දුටු, කියවු දේ පිළිබඳ කටු සටහන් එකතුවකි.